hit counter

2025 පෙබරවාරි මස 20 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි 19, පෙ.ව. 12:18



පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක අඛණ්ඩ ජල සැපයුමට බාධා ඇති වී තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරන්නේ උදෑසන සහ සවස් කාලයේ ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුමට බාධා ඇති විය හැකි බවයි.

ඊට අමතරව අනෙකුත් ප්‍රදේශවලට අඩු පීඩනයකින් ජලය සැපයෙන බවයි එම මණ්ඩලය සඳහන් කළේ. වියළි කාලගුණය හේතුවෙන් ජල පරිභෝජනය වැඩිවීම මෙම බාධාවන්ට හේතු වන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

මෙම කාලය තුළ ජලය අරපිරිමැස්මෙන් හා වගකීමෙන් යුතුව භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වත්මන් අභියෝග තිබියදීත්, සැලසුම් කළ ජල කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට තවමත් තීරණය කර නොමැත් බවයි එම මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් පූර්වාරක්ෂාවක් ලෙස ජලය ගබඩා කර තබාගන්නා ලෙසට මහජනතාවට උපදෙස් දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: