hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 අගෝස්‍තු 19, පෙ.ව. 12:04



කොළඹ ප්‍රදේශ රැසකට අද (19) පෙරවරු 8 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවී ඇති බව එම මණ්ඩලය පැවසුවා.

ඒ අනුව අද (19) පෙරවරු 8 සිට හෙට (20) අලුයම 02 දක්වා කොළඹ, දෙහිවල ගල්කිස්ස, කොට්ටේ සහ කඩුවෙල මහ නගරසභා බලප්‍රදේශවලට, මහරගම, බොරලැස්ගමුව හා කොළොන්නාව, කොටිකාවත්ත හා මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට මෙන්ම රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: