hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 10, පෙ.ව. 12:03



කොළඹ ප්‍රදේශ කිහිපයක අද (10) සිට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය විසින් දැනුම් දෙනු ලබනවා.

ඒ අනුව එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 11,12,13,14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි .

අද සවස 5.00 සිට හෙට (11) උදෑසන 8.00 දක්වා පැය 15ක කාලයක් එම ප්‍රදේශවලට ජලය සැපයීම මෙලෙස අත්හිටුවීමට නියමිතව ඇත.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ, අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතියේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම මෙලෙස අත්හිටටුවන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: