2024 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:00
උතුරු සහ නැගෙනහිර පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් අද (06) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල ද ස්ථාන ස්වල්පයක වැසි ඇතිවන බව සඳහන්.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී (20-30)ක් පමණ වනවා.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතින බවයි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
2025 ජනවාරි 22, ප.ව. 3:10
2025 ජනවාරි 22, ප.ව. 12:35
2025 ජනවාරි 22, පෙ.ව. 10:13
2025 ජනවාරි 22, පෙ.ව. 10:08
2025 ජනවාරි 22, පෙ.ව. 9:47
22-01-25
22-01-25
21-01-25
21-01-25
19-01-25
19-01-25
19-01-25
19-01-25
18-01-25
18-01-25
17-01-25
17-01-25
15-01-25
15-01-25
14-01-25
14-01-25
13-01-25
13-01-25
12-01-25
12-01-25
11-01-25
11-01-25
10-01-25
10-01-25