hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 මාර්තු 25, පෙ.ව. 12:08



වට්ස්ඇප් යෙදවුමේ නවතම යාවත්කාලීන කිරීම් සම්බන්ධයෙන් මෙටා සමාගමෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එක් චැට් එකක් තුළ පණිවුඩ තුනක් Pin කර තැබීමේ හැකියාව හිමි වනු ඇති.

මීට පෙර එලෙස සිදු කිරීමට එක් වූයේ, එක් පණිවුඩයක් පමණයි.

ගෘප් චැට් එකක් තුළ අවශ්‍ය පණිවුඩ තුනක් Pin කර තැබිය හැකි වීම පරිශිලකයින්ට වාසිදායක වනවා.

පණිවුඩ පමණක්‌ නොව වීඩියෝ, ඡායාරූප, polls ඇතුළු දෑ පින් කළ හැකි බව සඳහන්.

මෙටා සමාගමේ හිමිකරු වන මාර්ක් සකබර්ග් සිය වට්ස්ඇප් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව දැනුම් දී තිබුණේ, පසුගිය බ්‍රහස්පතින්දායි.

පණිවුඩයක් Pin කළ හැකි කාල සීමාව පරිශීලකයින්ට තෝරා ගැනීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව පැය 24ක්, දින 7ක් හෝ දින 30ක් අදාළ පණිඩුය Pin කර තැබිය හැකි බව සඳහන්.

දින 30කට වඩා කාලයක් අදාළ පණිවුඩය මතකයේ රඳවා ගැනීමට අවශ්‍ය නම් එය ‘star’ කර තැබීමේ හැකියාව පවතිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: