hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2025 මාර්තු 12, පෙ.ව. 11:41



සිසුන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින උපකාරක පන්ති ගුරුවරයකුට එරෙහිව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නීතිමය පියවර ගනිමින් සිටී.

එම අධිකාරියට අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය වූ වීඩියෝවකට අදාළව නිකුත් කරන ලද කැඳවීමකට අනුකූලව ඉදිරිපත්වීමට උපකාරක පන්ති ගුරුවරයා අපොහොසත් වී ඇත.

අදාළ උපකාරක පන්ති ගුරුවරයා තමාගෙන් අධ්‍යාපනය ලබන සිසුන්ට ශාරීරික දඩුවම් ලබාදෙන ආකාරය මෙන්ම සිසුවකුට වේවැලකින් පහරදෙන ලෙස ශිෂ්‍යාවකට උපදෙස් දෙන අයුරු වීඩියෝවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් කළ විමසීමකදී ඔහු කියාසිටියේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අදාළ උපකාරක පන්ති ගුරුවරයාට එරෙහිව පියවර ගෙන ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: