hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 18, පෙ.ව. 7:31



2024 ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ පොදු අපේක්ෂකයා ලෙස මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉදිරිපත් කිරීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පිරිසක් පසුගිය 14 වැනිදා සාදයකට සහභාගී වී අතර එහිදී සාකච්ඡාවක් සිදුකර තිබෙනවා.

සමගි ජන බලවේගයේ ප්‍රබල මන්ත්‍රීවරයෙකු මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉතා සමීප ඇසුරක් තිබෙන බවත් ජනක රත්නායක මහතාගේ නිවාස ව්‍යාපෘතියේ නිවාස කිහිපයක්ද සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට වෙන් කර ඇති බවත් එම ආරංචි මාර්ග පැවසුවා.

එම මන්ත්‍රීවරුන් එම නිවාස වල පදිංචියට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොදු අපේක්ෂකත්වය ලැබීමට නියමිත නිසා ජනක රත්නායක මහතා විදුලිබිල වැඩිකිරීමට එරෙහිව දැඩි විරෝධයක් පළ කිරීමට හේතු වී ඇති බවට සජබ මන්ත්‍රීවරුන් සාකච්ඡා කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: