2022 සැප්‍තැම්‍බර් 06, ප.ව. 2:39
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් කිරීමේ සැලසුමක් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ අනුව 2023 අයවැය ඉදිරිපත් කිරීමට පෙර ආණ්ඩු පක්ෂයෙන් නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ සඳහා මේවන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් විපක්ෂයේ සහ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ සහයද ඉල්ලා තිබෙනවා.
ආණ්ඩු පක්ෂය එලෙස සහය ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.
මේවන විට එම ආරාධනය ඇතැම් ස්වාධින මන්ත්‍රීවරුන් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තා වනවා.
මේ අතර ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත්කිරීම තවදුරටත් කල් යනු ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කළා.
කැබිනට් අමාත්‍යධූර සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කර ඇති නම් ලැයිස්තුවේ ඇති කිහිපදෙනකු සම්බන්ධයෙන් පවතින විරෝධය ද මෙම අමාත්‍ය මණ්ඩලය පත් කිරීම ප්‍රමාද වීමට හේතු වී ඇතැයි වාර්තා වනවා.
රාජ්‍ය අමාත්‍යවරුන් 35 දෙනකු පමණ පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පොදුජන පෙරමුණෙන් රාජ්‍ය අමාත්‍ය ධුර සඳහා නම් කරන මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් එම පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
22-05-25
22-05-25
21-05-25
21-05-25
20-05-25
20-05-25
19-05-25
19-05-25
17-05-25
17-05-25
13-05-25
13-05-25
10-05-25
10-05-25
08-05-25
08-05-25
03-05-25
03-05-25
02-05-25
02-05-25
27-04-25
27-04-25
19-04-25
19-04-25