2026 මැයි 19, ප.ව. 1:26
මාධ්‍ය හමුවක් පවත්වා සුනඛයෙකුට ලිංගික හිංසා කළ බව කියා තමන්ට අපහාස කළේ යැයි සඳහන් කරමින් සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් සහ තම හිටපු බිරියක වන ආදර්ශා කරඳනගෙන් රුපියල් බිලියන 1.5ක වන්දි ඉල්ලා එජාප ක්‍රියාකාරිකයෙකු වන මහාචාර්ය ආශු මාරසිංහ විසින් නඩුවක් පවරා තිබුණි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙකී වීඩියෝව 2022 වසරේ ප්‍රසිද්ධ කර තිබුණි.
ආශු මාරසිංහ මහතා 2022 දෙසැම්බර් මාසයේ, පෞද්ගලික හේතුවක් මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙන බවත් ඔහුට ඉල්ලා අස්වන්නට සිදු වූවේ එකී වීඩියෝවක් සමාජගත වීම නිසා බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඒ දිනවල ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා පැවසුවාය.
මේ සම්බන්ධව පැවරූ නඩුවට සමගාමීව ඇතිවූ එකඟතාවයක් මත, මාරසිංහ මහතාට එල්ල වූ සියලුම නින්දා සහ අපහාස වෙනුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් අධිකරණයේදී සමාව සහ කනගාටුව ප්‍රකාශ කිරීමත් සමඟ අදාළ නඩු කටයුත්ත අවසන් වී තිබේ.
යථා තත්ත්වය අවබෝධ කරගනිමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ගත් එම පියවර සම්බන්ධයෙන් තමන් ඇයට ස්තූතිවන්ත වන බවත්, තමන්ට පක්ෂපාතීව ලැබුණු එම නඩු තීන්දුව පිළිබඳව සතුටට පත්වන බවත් පැමිණිලිකාර මාරසිංහගේ පාර්ශ්වය අද දින මාධ්‍ය හමුවේ පවසා සිටියේය.
සිදුවීම් විකෘති කරමින් පුද්ගලික ජීවිතවලට හානි කිරීම වෙනුවෙන් සමාජ මාධ්‍ය ඇතුළු විවිධ වේදිකාවන් භාවිත නොකරන ලෙස සමස්ත ශ්‍රී ලාංකීය සමාජයෙන් සහ විපක්ෂ කණ්ඩායම්වලින් ආශු මාරසිංහ මහතා ඉල්ලා සිටියේ ය.
රට නව දේශපාලන සංස්කෘතියක් කරා ගමන් කරන මෙවන් මොහොතක පුද්ගලික මඩ ගැසීම් වෙනුවට සැබෑ දේශපාලනය පිළිබඳව කතා කිරීමේ අවශ්‍යතාව මෙහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම නඩු කටයුත්ත අවසන් වීමත් සමඟම එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය නියෝජනය කරන මෙම දෙපාර්ශ්වයම, සිය පෞද්ගලික ආරවුල් සහ නොහොඳ නෝකාඩු පසෙකලා යළි එක්සත් වීමේ වැදගත්කම ද අවධාරණය කර ඇත.
2026 ජූලි 04, පෙ.ව. 11:21
2026 ජූලි 04, පෙ.ව. 12:31
2026 ජූලි 04, පෙ.ව. 12:27
2026 ජූලි 04, පෙ.ව. 12:23
2026 ජූලි 04, පෙ.ව. 12:16
23-06-26
23-06-26
22-06-26
22-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
15-06-26
15-06-26
12-06-26
12-06-26
07-06-26
07-06-26
06-06-26
06-06-26
03-06-26
03-06-26
30-05-26
30-05-26
28-05-26
28-05-26
18-05-26
18-05-26