hit counter

2026 මැයි මස 18 වන සඳුදා

2026 මැයි 18, පෙ.ව. 12:15



ප්‍රියසාද් පවුලේ බාලම සුරංගනාවිය, ඒ කියන්නේ ලංකාවෙම ආදරය දිනාගත්තු අති දක්ෂ, සුන්දර රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද් ගැන මේ දවස්වල සමාජ මාධ්‍යවල නිතරම වගේ කතා වෙනවා.

පහුගිය දවස්වල දිනේෂ් ගමගේ එක්ක විවාහ දිවියට ඇතුළත් වුණු ශනූ, දැන් ඉන්නේ තමන්ගේම කියලා අලුත් ලස්සන ලෝකෙක.

ඇගේ ජීවිතේ ඉතාම විශේෂ දවසක් තමයි ඇගේ ආදරණීය අම්මාගේ උපන්දිනය. හැමදාම අම්මා ළඟට වෙලා උපන්දින සුබ පැතුම් එකතු කරපු ශනූට, මේ පාර විවාහයෙන් පස්සේ තමන්ගේම නිවසක ඉන්න නිසා ඒ අවස්ථාව මඟහැරිලා තිබුණා.

ඒ නිසාම ඇය ජීවිතේ පළමු වතාවට අම්මාට දුරකථනයෙන් කතා කරලා සුබ පතලා, තමන්ගේ මුහුණුපොතට ආදරණීය පින්තූර කිහිපයක් එක්ක හිත සසල කරන අපූරු සටහනක් එකතු කරලා තිබුණා.

ශනූ සිංහලෙන් තැබූ ඒ ආදරණීය සටහන මෙන්න,

මගේ අම්මාට සුබ උපන්දිනයක් වේවා! ජීවිතේ පළමු වතාවට තමයි මට ඔයාට කෝල් එකක් දීලා සුබ පතන්න සිද්ධ වුණේ, මොකද මම දැන් ගෙදරින් ඈත ඉන්න නිසා. මම හැමදාම දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරන්නේ ඔයාටයි තාත්තාටයි හොඳ සෞඛ්‍යයක් සහ මනසේ සාමය විතරමයි. ළඟදීම මුණගැහෙමු, මම ඔයාට ගොඩක් ආදරෙයි!”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: