hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 12, ප.ව. 12:05



පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා විසින් පාර්ලිමේන්තුවේ සියලු කමිටු නියෝජනය නොකළ යුතු බවට විපක්ෂනායකවරයා පවසා තිබෙනවා.

රුපියල් කෝටි අටකට ආසන්න වටිනා රත්රන් සහ ජංගම දුරකතන තොගයක් ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 75 ක දඩයක් නියමවු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තුවේ ඔහු නියෝජනය කරන සියලුම කමිටුවලින්ද ඉවත් කරන ලෙසටවූ යෝජනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කතානායකවරයාට පසුගියදා බාර දෙනු ලැබුවා.

එම යෝජනාවද පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන අතර අලි සබිරි රහීම් මහතා ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුවද නියෝජනය කරන මන්ත්‍රීවරයකු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

රහීම් මන්ත්‍රීවරයා කර ඇති විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට විමර්ශනයක් සඳහා යොමු කර ඇති නිසා මන්ත්‍රීවරයා කාරක සභා නියෝජනය කරමින් කටයුතු කිරීමෙන් ගැටලු සහගත තත්වයක් ඇති වන බැවින් එම විමර්ශනය අවසන් වනතෙක් ඔහු සියලු කමිටු නියෝජනය නොකළ යුතු බව විපක්ෂනායකවරයා එම යෝජනාවෙන් ප්‍රකාශ කර තිබෙනවා.

රහීම් මහතාගේ එම විෂමාචාර ක්‍රියාව පිළිබඳව අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක්ද සමගි ජන බලවේගය පක්ෂය විසින් කතානායකවරයාට මීට පෙර බාර දෙනු ලැබුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: