2023 අප්‍රේල් 22, පෙ.ව. 10:43
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පස් දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කර ගැනීමට මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්දිම වීරක්කොඩි සහ ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රිවරුන් 5 දෙනා මෙලෙස එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීමට සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බව වාර්තා වනවා.
එම මෙහෙයුම ආරම්භ කර ඇත්තේ හිටපු අමාත්‍ය නිමල් ලන්සා මහතා විසිනි.
එජාපයට එක් වනවා නම් තමාට කැබිනට් අමාත්‍යධුරයක් අවශ්‍ය බව අනුර යාපා මහතා කෙළින්ම ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.
පොහොට්ටුවෙන් ස්වාධීන වූ ජයරත්න හේරත් මන්ත්‍රිවරයාද එජාපයට එක් කර ගැනීමට ඔවුන් උත්සහා දරා ඇති නමුත් ජයරත්න හේරත් මේ වන විටත් සජබ හා සම්බන්ධ වී සිටින බැවින් ඔහු එජාපය හා එක්වීම ප්‍රතික්ෂේප කර තිබෙන බවයි වාර්තා වන්නේ.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
10-05-25
10-05-25
10-05-25
10-05-25
09-05-25
09-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25