hit counter

2024 මැයි මස 08 වන බදාදා

2023 ඔක්‍තෝබර් 02, ප.ව. 2:19



මට පමණක් පෞද්ගලිකව මේ රට ගොඩ නඟන්න බැහැ. මම ඉන්ද්‍රජාලිකයකුත් නෙවෙයි. මට තිබෙන්නේ ආසියාවේ හොඳම මොළයත් නෙවෙයි. ඒ නිසා තනි පුද්ගලයකුට රට ගොඩනඟන්න බැහැ. අපි සාමූහික වුණොත් මේ රට ගොඩ නඟන්න පුලුවන් වෙනවා යැයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

හෙතෙම මේ බව පැවසුවේ පොළොන්නරුවේදී පැවැති ජනහමුවක් පෙරේදා (30) අමතමින්.

මගේ දක්ෂතාවනුත් තිබෙනවා. දුබල තැනුත් තිබෙනවා. ඒ නිසා හැමෝගෙම දක්ෂතාවන් දුබල තැන් තිබෙනවා. අපි හැමෝම එකතු වුණොත් තමයි රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව අපි රට ගොඩනඟන බලවේගයක් නිර්මාණය කළ යුතුයි. ඒ බලවේගය ජාතික ජන බලවේගය පමණයි.

රටක් දුප්පත් නම් රටේ නීතිය, සෞඛ්‍ය, අධ්‍යාපනය බිද වැටිලා නම් පවතින රජයෙන් කිසිම පළක් නැහැ. ඒ නිසා ජාතික ජන බලවේගයේ රජයක් තුල මේ රට අපි පෝසත් රටක් බවට පත් කරනවා. ඒ නිසා රට පෝසත් වෙලා වැඩක් නෑ. රටේ ජනතාවත් පොහොසත් කල යුතු වෙනවා. ඒ නිසා අපි අවුරුදු කිහිපයක් තුල මේ රට ලෝකයේ පොහොසත් රටක් පොහොසත් ජනතාවක් ඉන්න රටක් බවට පත් කරනවා යැයිද හෙතෙම කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: