hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 23, පෙ.ව. 11:46



මුලසුන අසලට පැමිණ නියෝජ්‍ය කථානායකවරයාට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නලින් බණ්ඩාර ජයමහ සහ වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන්ට සභා ගර්භයෙන් ඉවත් වන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දුන්නා.

ඒ ඔවුන් දෙදෙනා මුලාසනයට සිදුකල තර්ජනය නිසා අද දිනයේ සභාකටයුතුවලින් ඉවත්කිරීමේ දඬුවමක් දෙන ලෙස ආණ්ඩු පක්ෂ සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කල ඉල්ලිමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

රට සහ ජාතිය ගැන සිතා කරුණාකර සභාවෙන් ඉවත්වන ලෙසද කතානායකවරයා මෙහිදී මන්ත්‍රීවරුන්ට කියා සිටියා.

ඒ අනුව එම මන්ත්‍රීවරුන් දෙදෙනා ප්‍රසන්න රණතුංග මහතාටද බැනවදිමින් සභා ගර්භයෙන් පිටව යනු දක්නට ලැබුණා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: