hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 04, ප.ව. 8:27



බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා යම් ලෙසකින් ඉදිරි ජනාධිපතිවරණයට තරග කළහොත් ඒ සඳහා සහාය නොදීමට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡා පවත්වමින් තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කළා.

බැසිල් රාජපක්ෂ මහතා අවස්ථා ගණනාවකදීම පක්ෂයට තීරණාත්මක අවස්ථාවලදී මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයන් අතර මං කරමින් විදේශ ගතවීම ගත වීම ඊට හේතුවයි.

බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා කටයුතු කරමින් සිටින බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමග මෙම මන්ත්‍රී පිරිස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද හමු වී සිය මතය දැනුම් දීමට නියමිතව තිබෙනවා.

යම් ලෙසකින් බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කළහොත් මෙම පිරිස විපක්ෂ බලවේගයකට සහ එසේ නොමැතිනම් දැනට ආණ්ඩු පක්ෂයේ සිට ජනාධිපති සටනට එන බලවේගයකට සහාය ලබාදීමට සාකච්ඡා කරමින් තිබෙන බව ද බව ද වාර්තා වනවා.

මේ සඳහා වන තීරණාත්මක සාකච්ඡාවක් පොහොට්ටුවේ ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකුගේ නිවසේ මේ වන විට පැවැත්වෙන බවද වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: