hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 25, පෙ.ව. 3:55



තමා ආණ්ඩුවේ නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට කටයුතු කර තිබුණේ මහනුවර දළදා මාලිගාව වැඳ පුදා ගෙනයි.

එම අවස්ථාවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

විශේෂයෙන් පෙර අවස්ථාවලදී මෙන් බැසිල් රාජපක්ෂ මහතා වටා පොහොට්ටු ප්‍රබලයින් වටකරගෙන සිටිනු දක්නට නොලැබුණු අතර ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පත් කළ ආණ්ඩුකාරවරු දෙදෙනෙකු බැසිල් රාජපක්ෂ මහතා අසල සිටිනු දක්නට ලැබුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඇතැම් පිරිස් ඉවත්ව යාම පක්ෂයට අභියෝගයක් බවත් ඊට මුහුණ දිය යුතු බවත් මැතිවරණ ප්‍රථිපලය තිබෙන්නේ ජනතාව අතේ බවත් ඔහු සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: