2022 දෙසැම්‍බර් 01, පෙ.ව. 7:56
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව විපක්ෂයට ගිය පිරිස යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පැමිණිය යුතු බව හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
කිහිපදෙනෙකු මුල සිටම පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කර සිටි අය බවත් ඇතැම් අය එවැනි තීන්දුවක නොසිටි බවත් පෙන්වා දෙන රාජපක්ෂ මහතා වෙන පක්ෂවලට ගිහින් ඇමැතිකම් ගැනීමේ බලාපොරොත්තුවක් සමහරුන්ට නොතිබූ බවත් කියා සිටියා.
“මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ගත්තොත් යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිවෙලා ඉඳලා අපේ පක්ෂයෙන් තමයි මන්ත්‍රී කෙනෙක් වුණේ. ඒවා ඉතින් එහෙම තමයි මම කියන්නේ නැවත කල්පනා කරලා බලන්න කියලයි. ඔය ගිය හැම දෙනාටම ඉතාම පහසු තැන පොහොට්ටුවයි.” යැයි ඔහු සඳහන් කළා.
විමල් වීරවංශ මහතා සමඟ යළි ගමනක් ආරම්භ කිරීමට තමන්ට ආශාවක් තිබෙන බවත් ඒ එකතුවීම රට වෙනුවෙන් විය යුතු බවත් ඒ සඳහා ඕනෑම පරිත්‍යාගයක් කිරීමටද තමා සූදානම් බවත් අවධාරණය කරන ඒ මහතා අනික් පැත්තත් ඒ කැපකිරීම කිරීමට සූදානම් නම් ඒක රටට හොඳයි යැයි ප්‍රකාශ කළා.
මේ බව ඔහු සඳහන් කර තිබුණේ ජාතික පුවත්පතකට අදහස් පළ කරමින්.
2025 ජනවාරි 09, ප.ව. 3:22
2025 ජනවාරි 08, ප.ව. 1:53
2025 ජනවාරි 08, ප.ව. 1:48
2024 දෙසැම්‍බර් 31, ප.ව. 5:11
2024 දෙසැම්‍බර් 26, ප.ව. 10:12
14-01-25
14-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
25-12-24
25-12-24
23-12-24
23-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
13-12-24
13-12-24
02-12-24
02-12-24
26-11-24
26-11-24
22-11-24
22-11-24
06-11-24
06-11-24