hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 13, ප.ව. 12:15



තමන් නැවත ලංකාවට පැමිණියේ ප්‍රාදේශීය සභා ඡන්දට පක්ෂය සූදානම් කිරීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ (12) දෙරණ නාලිකාවේ පැවති සජීවී සංවාද වැඩසටහන සමග එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“ජනතාවට සේවය කරන්න පුලුවන් ආකාරයට ජනතාව කැමති පක්ෂයකට ඒ බලය ලබා දීම සදහා සැලසුම්සහගතව ඉදිරිපත් කිරීම. ජනතා බලයක් තියෙන්න පුළුවන්. කැමැත්ත තියෙන්න පුළුවන්. නමුත් ඒක ඡන්ද බවට පත් කරන්න ව්‍යවස්ථාමය වශයෙන් බලය ලබා ගැනීමට යම්කිසි සැලැස්මක් තියෙන්න ඕනේ. ඒ සැලැස්මට මට කරන්න පුළුවන් දායකත්වය මම කරලා තිබෙනවා. දැන් එළවළු හම්බවෙනවා, මාළු හම්බවෙනවා, තුනපහ හම්බ වෙනවා ඔක්කොම තියෙනවා. නමුත් කෑම වේලක් හදන්න කවුරු හරි උයන්න ඕනේ. අන්න ඒ කෝකියාගේ වැඩේ තමයි මම කරන්නේ. ඒ අනුව මේක කළමනාකරණය කිරීම කරන්න සූදානම්. ජනවාරි වලට කලින් නොවැම්බර් වල ආවේ කවුරුවත් හම්බ වෙන්න නෙවෙයි. මම දැක්කා ප්‍රාදේශීය සභා ජන්දය නීත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව තියන්න ඕනේ නියමිත දවස. ඒකට සූදානම් කරන්න පක්ෂය සූදානම් කරන්න , මන්ත්‍රීවරුන්ට මගේ යුතුකමක් ඉෂ්ඨ කරන්න. තරග කරන තරගකරුවන්ට මගේ යුතුකම ඉෂ්ඨ කරන්න පක්ෂ වෙනුවෙන් ඒකට තමයි මාව පෙලබුණේ මගේ වැඩ ටික ඉවර වුණාම මම ආවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: