hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 13, පෙ.ව. 11:03



අරගලය පිටුපස දේශපාලන පක්ෂ නොසිටිය බවත් සිටියේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

කලබල නොවී ටික කාලයක් ඉවසීමෙන් සිටියේ නම් පැහැදිලිවම මෙම අර්බුධය නැති වී යන බව ඔහු පෙන්වා දෙනවා.

මේ වන විට අරගලය නිමා වී ඇති බවත් ජනතාව ඉල්ලු දේ ලබා දුන් නිසා අරගලය නිමා වූ බවත් ඔහු කියා සිටියා.

ඊයේ (12) දෙරණ නාලිකාවේ පැවති සජීවී සංවාද වැඩසටහන සමග එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“පැහැදිලිව ඒ ජනතාවට ලොකු පරිත්‍යාගයක් ජනතාව 69 ලක්ෂය ඉල්ලපු දේ දෙන්න ආපු එක්කෙනාව අයින් කරන්න කිව්වා. ඉතින් එයා අයින් වුණා. මට නම් කවුරුවත් කිව්වේ නැහැ අයින් වෙන්න කියලා ජනාධිපතිතුමා විතරයි කිව්වේ. අපිට පෙනුනා සමහර පුද්ගලයන් විසින් මේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් විසින් මේ මහජන මතය විකුණන්න හදනවා වෙන පැත්තකට. ඒකට අපිට ඉඩ දෙන්න බැහැ කොහොමවත්. කීපදෙනෙක් එකතු වෙලා ජනතා මතය කියලා මේ 69 ලක්ෂය කියලා වැරදි මතයක් ඉදිරිපත් කළා. ඒකට අපි විරුද්ධයි. මම දැනුත් විරුද්ධයි. ඒකට ඉඩ දෙන්න බැහැ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: