hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 28, ප.ව. 3:08



ලඟදීම එන කැබිනට් සංශෝධනයක් හේතුවෙන් ඇමතිධූර ලබා ගත් සහ ලබා ගැනීමට බලාපොරොත්තු වන මන්ත්‍රී පිරිසගෙන් ජනාධිපතිවරයාට හිතවත් පුද්ගලයින්ට දුරකතන ඇමතුම් ලබා දෙමින් සිය ඉල්ලීම් ඉදිරිපත් කරන බව දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.

මේ අතර ආණ්ඩුවේ සිටින ප්‍රබලම අමාත්‍යවරයෙක් එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ නිවසට ගොස් සිය ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා.

එම අමත්‍යවරයාගේ ප්‍රධානතම ඉල්ලීම වී ඇත්තේ තමන්ට දැනට ලබාදී ඇති අමාත්‍යාංශ ටික ආරක්ෂා කර දෙන ලෙසයි.

ඒ අනුව ඉදිරියේදී සිදු කිරීමට නියමිත කැබිනට් සංශෝධනයේදී එම අමාත්‍යාංශ ටිකම ආරක්ෂා කර දෙන ජනාධිපතිවරයා දැනුවත් කරන ලෙස එම අමාත්‍යවරයා කියා සිටියා.

කෙසේ වෙතත් නව කැබිනට් අමාත්‍යවරුන් පත්කර කැබිනට් මණ්ඩලය පුළුල් කිරීමත්, නව ආණ්ඩුකාරවරුන් ගණනාවක් පත් කිරීමත් දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි එම ආරංචි මාර්ග පැවසුවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කර තිබුණේ කඩිනමින් මෙම පත්වීම් සිදු කළ යුතු බවයි.

එහෙත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් කිසිදු තීරණයක් නොගනු ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දුන්නා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: