hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 06, පෙ.ව. 10:35



ඇමැතිධුර සඳහා නම් කරමින් යැවූ මන්ත්‍රීවරුන් සිවුදෙනකුගේ ගැටලුවක් මතුව තිබෙනවා.

ඒ හේතුවෙන් කැබිනට් සංශෝධනය දිගින් දිගටම කල්යමින් තිබෙන බවයි රජයේ ආරංචි මාර්ග සදහන් කරන්නේ.

කැබිනට් අමාත්‍යධුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 12දෙනකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මීට මාස කීපයකට පෙර යවා තිබුණා.

එහි සඳහන් මන්ත්‍රීවරුන් සිවුදෙනකුගේ නම් සම්බන්ධ ගැටලුවක් මෙම පත්කිරීම ප්‍රමාද වීමට හේතු වී ඇතැයි වාර්තා වනවා.

ඇමතිධුර පත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ද නිතර නිතර විමසා ඇති නමුත්, නම් කිහිපයක් සම්බන්ධයෙන් පවතින අකැමැත්ත මත එය තවදුරටත් ප්‍රමාද වී ඇතැයි දැනගන්නට තිබෙනවා.

මේ තත්වය හේතුවෙන්, ඇමතිධුර නොලැබීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවද එම ආරංචි මාර්ග පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: