hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 8:07



මේ වන විට ඇතිව තිබෙන අර්බුද නිරාකරණය කර ගැනීම සඳහා ලබන වසරේ මහ මැතිවරණයකට යාමට බොහෝ දුර ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව ලබන වසරේ මාර්තු මාසයෙන් පසුව හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමේ සූදානමක් දේශපාලන පක්ෂවල මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

වත්මන් පාර්ලිමේන්තුව ලබන වසරේ මාර්තු මාසයෙන් පසුව ඕනෑම අවස්ථාවක විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙනවා.

මේවන විට ඇතිව තිබෙන අවිනිශ්චිත තත්වය හමුවේ මැතිවරණයකට යාමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වනවා.

කෙසේ වෙතත් හදිසි මහ මැතිවරණයකට යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිසේත් එකඟ නොවනු ඇතැයි දැන ගන්නට තිබෙනවා.

පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක් විසුරුවා නොහරින්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමේ අවස්ථාවේදී ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීමක් වූයේ ද පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක් විසුරුවා නොහරින ලෙස යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මැතිවරණයේදී ලැබුණු හැටනව ලක්ෂයේ ජනවරම, නියෝජනය වන නොවන බැවින් වහාම මහ මැතිවරණයකට යන්නැයි දේශපාලන පක්ෂ මෙන්ම, සිවිල් සංවිධාන ද රජයෙන් දිගින් දිගටම ඉල්ලා සිටියා.

ඇතිව තිබෙන තත්ත්වය හමුවේ තාවකාලික ආණ්ඩුවක් පිහිටුවා මාස හයක් තුළ මහ මැතිවරණයකට යන්නැයි මහනාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයද, අනෙකුත් ආගමික නායකයෝ ද මීට පෙර ඉල්ලා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: