hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 05, පෙ.ව. 11:37



“මොන පාලද මම දන්නේ නෑ. මේ වගේ අය ගොඩක් යූටියුබ්වල මේ වගේ හදලා තියෙනවා” යැයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද(05) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

මේක පිටුපස ලොකු අදහස් ඇති බවත් පිටරටවල සරණාගතභාවය ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවත් මේ වැඩේ කිහිපදෙනෙකු සිදු කරන බවත් මේ ආකාරයට යූටියුබ් නිර්මාණය කර ගත් එක් අයෙකු මේවන විටත් විදෙස් ගත වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියා.

මේ සියලු දෙනාගේ අරමුණ රටින් පිටවීම බවත් මෙලෙස සිදු කරන්නේ විදෙස් රටවල සරණාගතභාවය ඉල්ලා සිටීමේ සැලසුමක් බවත් ඇය ප්‍රකාශ කළා.

“ගහන්න පුළුවන් සියුම් තැනට තමා මේ පාල ගහල තියෙන්නේ. මේකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගත යුතුමයි. ක්‍රියාමාර්ගය කෙසේ වෙතත් රටින් පිටවීමට බැරිවෙල විදිහට ක්‍රියාමාර්ග ගත යුතුයි” යැයි ඇමතිවරිය කියා සිටියා.

බුදු දහමට සහ ශ්‍රී දළඳා වහන්සේට අපහාස වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ සිදුකළ සේපාල අමරසිංහ නැමැත්තා පිළිබඳ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අද(05) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

ඊට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරියද මෙලෙස අදහස් පළ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: