hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 09, ප.ව. 9:24



අද දහවල් දයාසිරි ජයසේකර හෙට්ටිපොල පිහිටි “මහ ගෙදර” කාර්යාලයට පැමිණෙන මොහොතේදි ජනතාව විසින් මල් මාලා දමා පිළි ගනු ලැබුවා.

හෙට්ටිපොල රෝහල් මංසන්දියේ සිට හෙට්ටිපොල පිහිටි “මහ ගෙදර “ කාර්යාලය වෙත පෙළපාලියකින් පැමිණියා.

එහිදී ජනතාව අමතමින් කියා සිටියේ පක්ෂය හැර නොයන බවත් පක්ෂය හැර ගොස් නැවත පක්ෂය වෙත පැමිණි අයගේ කේලාම් ඇසීමේ නිසා සභාපති මෙත්‍රිපාල සිරිසේන මහතා මෙවැනි තීරණයක් ගෙන ඇති බවත් තමන්ට වෙනත් පක්ෂවලින් ආරාධනා ලැබී තිබුනද කිසි දිනක ශ්‍රීලනිපය හැර නොයන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,

“මම මේ ගමෙන් දේශපාලනය ආරම්භ කළේ. ලේකම්වරයා විදිහට සහභාපති කිව්ව දේවල් මම කළා. පක්ෂයෙන් අයින්කරන්න කියපුවාම මම කළා. විනය පරීක්ෂණ තියන්න කිව්වාම මම විනය පරීක්ෂණ තිබ්බා. අයේ ගන්න ඕනේ කිව්වාම ඒකටත් මම අත ඉස්සුවා. අද පක්ෂය දාලා ගිහිල්ලා ඇමතිකම් ගත්ත අය අතුළේ.  පක්ෂය වෙනුවෙන් කැපවුණු කෙනා එළියේ.”

“පක්ෂයේ නායකයාට පුළුවන් ඕන කෙනෙක් එළවන්න. හැබැයි මතක තියාගන්න පක්ෂයට දර දිය ඇදලා පක්ෂය වෙනුවෙන් කැප වෙලා.. පක්ෂය ගත්තු තීන්දුවලට එකඟවෙලා පක්ෂයේ නායකයා සමග කෙළින් හිටගත්තු මට බල්ලෙක් වගේ එළියට බහින්න බෑ. මාව බල්ලෙක් වගේ එළියට ඇදලා දැම්මේ. මමයි සභාපතිතුමයි තාත්තයි පුතයි වගේ. තාත්තා ගාවට කිට්ටු වුණා නරක යාළුවෝ ටිකක්. ඒ අයට ඕනේ වුණා දායාසිරි ජයසේකරව විනාශ කරන්න. ඒ නිසා හැමවෙලේම ගිහින් කේලම් කියන්න පටන් ගත්තා.අද රෑට දායාසිරිව ඉවත් කරනවා කියලා ආණ්ඩුයට ගිය ගම්පහ රාජ්‍ය අමාත්‍යවරයෙක් ලක්ෂ 50ක් ඔට්ටු දනවා කිව්වා එදා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: