hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 20, පෙ.ව. 7:39



ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පක්ෂයෙන් එළවීම සඳහා විශාල කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව ඔහුට සමීප ආරංචි මාර්ග හෙළිකරයි.

ඒ සඳහා දැනට පක්ෂයේ සිට ආණ්ඩුවට සහාය දෙන මැති ඇමතිවරුන් පිරිසක්ද සම්බන්ධ බවද වාර්තාවෙයි.මෙවර පක්ෂ සම්මේලනයේදී ඔහුගේ මහලේකම් තනතුර එම කණ්ඩායමේ සාමාජිකයෙකුට ලබා ගැනීමට දැඩි උත්සාහයක නිරතවන බවද ජයසේකර මහතාට දැනගන්නට ලැබී ඇතැයි ද සඳහන්.

එහි පළමු පියවර ලෙස පඬුවස්නුවර ඔහුගේ ආසනයේ පැවැත්වීමට නියමිතව තිබු සම්මේලන උත්සවය කොළඹට රැගෙන ඒමට කටයුතු කර ඇති බවද වාර්තාවේ.

කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මහතාට විරුද්ධ පාර්ශවය පෙන්වා දෙන්නේ පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස ඔහු පක්ෂය එකතු කිරීමට වඩා පක්ෂයේ සංවිධායකයින් සහ මන්ත්‍රීවරුන් පක්ෂය අතහැර යන තැනට කටයුතු සිදුකරමින් සිටින බවයි.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: