hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 අගෝස්‍තු 22, ප.ව. 4:49



ඇල්කොහොල් වල මිල අඩු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත් ගල් අරක්කු මිල වැඩි නිසා මිනිසුන් ගෙවල් වල කසිප්පු පෙරාගෙන බොන බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළා.

සංචාරක කටයුතු පිළිබඳ පනතට අදාල නියමයන් සම්බන්ධ විවාදය අමතමින් සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය මේ බව කියා සිටියා.

රටේ සුරාබදු දෙපාර්තමේන්තුව 40% ක පාඩුවක් ලබා තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරිය මේ සංචාරක පුරවරයක් දැයි ප්‍රශ්න කළා.

ලංකාව රජවරු එකසිය ගණනක් ද දොරටු පාලකයෙක් සහ හොරු හත් දෙනෙක් පාලන කළ රටක් බව අමාත්‍යවරිය කියා සිටියා.

එමෙන්ම නිධානයක් උඩ ඇවිදිමින් පැමිණ ගිය අවුරුද්දේ බංකොලොත් වූ රටක් බව ද රාජ්‍ය අමාත්‍යවරිය පැවැසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: