hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 07, පෙ.ව. 8:33



රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවට අදාල විනය කඩකිරීම් පිළිබඳ සොයා බැලීමේ අවසන් වාර්තාව බ්‍රහස්පතින්දා කථානායකවරයාට ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ඒෂියන් මිරර් වෙත කියා සිටියා.

දැනට සිදුකරන ලද පරීක්ෂණ වලට අනුව තිදෙනාගේම අතින් යම් යම් විනය කඩකිරීම් සිදුවී ඇති බව බවට අනාවරණය වන බව ද හෙතෙම සඳහන් කලා.

එම විනය කඩකිරීම් සිදුවූ බව අදාළ මන්ත්‍රීවරුන්ද පිළිගත් බව ද නියොජ්‍ය කතානායකවරයා පැවසුවා.

කෙසේවෙතත් දැනට සිදුකරන ලද මෙම පරීක්ෂණ වලට අනුව ඔවුන් සිදුකළ විනය කඩකිරීම් වලට අදාල නිර්දේශයන් සහ දඩුවම් කමිටුව විසින් සවිස්තරව බදාදා පස්වරුව වන විට කතානායකවරයාට ලබාදීමට නියමිතයි.

අනතුරුව කතානායකවරයා විසින් ඒ බව බ්‍රහස්පතින්දා පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගනු ඇති බවද නියෝජ්‍ය කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: