hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 ජනවාරි 18, ප.ව. 1:49



ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් තම මැතිවරණ කටයුතු වෙනුවෙන් මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ ප්‍රබල සටනක් දියත් කරමින් තිබෙන බව පුවත්පත් වාර්තා කරනවා.

ඇතැම් අපේක්ෂකයන් මන්ත්‍රීවරුන්ගේ නිවෙස් වලටම ගොස් ඔවුන්ගේ සහාය ඉල්ලා සිටින බවයි වාර්තා වන්නේ.

මුදල්, ත්‍යාග හා වරප්‍රසාද ද ලබාදෙන බවට ද ඇතැමුන් පොරොන්දු දී ඇති බවද වාර්තා වෙනවා.

මේ අතර රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ නිවසට පසුගිය දිනවල වරින් වර පැමිණ ඇති ප්‍රධාන පෙළේ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙකු තමනට සහාය ලබා දෙන ලෙස ආරාධනා කර ඇති බවයි පැවසෙන්නේ.

ඉන් එක් අපේක්ෂකයෙකු ඩයනා ගමගේ මහත්මියට රුපියල් කෝටි දහයක ලන්සුවක් ද යෝජනා කර ඇති අතර ඇය ල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: