hit counter

2026 මැයි මස 15 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 08, පෙ.ව. 9:52



හොඳට බිත්තර දමන කිකිළියක් මරාගෙන කන්න තරම් මම මෝඩ නෑ..යැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සෙවනගල සීනි කම්හලේ සිදුකල සංචාරයකින් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මෙම සීනි කම්හල ගජ මිතුරෙකුට විකුණා දැමීමට යන බව විපක්ෂ නායකවරයා පවසා ඇතැයි මාධ්‍යවේදීන් එහිදී අමුණුගම මහතාගෙන් ප්‍රශ්නකර තිබෙනවා.

මේ ආයතනය විකුණන්න අපි සුදානම් නෑ,මේක ලාභ ලබන ආයතනයක්,මේක විකිණීමට තියන ලැයිස්තුවේ තිබෙන බව ඇත්ත.මම එක අයින් කරන්න කටයුතු කරනවා.මම මේ ඇමතිකමේ ඉන්න කන් මේක විකුණන්න මම ඉඩ දෙන්නේ නෑ”යැයි ඇමතිවරයා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: