hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 පෙබරවාරි 28, පෙ.ව. 8:07



යෝජිත පළාත් පාලන ඡන්දයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය සැලසුම් කරමින් සිටින බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

පළමුවරට ජනාධිපති ධුරයට පත්වන කෙනකුට ඔහුගේ පත්වීමෙන් වසර 4ක් ඉකුත් වූ පසු නැවතත් ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා සිය අභිලාශය ප්‍රකාශ කළ හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3)(අ) වගන්තියේ සඳහන්.

එලෙස ජනාධිපතිවරණය කැඳවීමට පෙර ඒ පිළිබඳව පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථකථනයක් ලබාගනු ඇතැයිද වැඩිදුරටත් වාර්තා වනවා.

වත්මන් ජනාධිපතිවරයා මැතිසබා ඡන්දයෙන් තේරී පත්වුවද ඔහු දරනු ලබන්නේ ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු ධුර කාලයේ ඉතිරි කොටසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා මුල්වරට ජනාධිපති ධුරයට තේරී පත්වූයේ වර්ෂ 2019 නොවැම්බර් මස 17 දිනයි. ඒ අනුව ඔහුගේ පළමු ධුර කාලයේ වසර 4 සම්පූර්ණ වන්නේ 2023 නොවැම්බර් මස 17 දාටයි.

රනිල් වික්‍රමසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු ධුර කාලයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වන බැවින් ව්‍යවස්ථානුකූලව පළමු ධුර කාලයේ වසර 4ක් ඉකුත් වීමත් සමඟ නව ජනාධිපතිවරණයක් කැඳවීමට ඔහුට වරම හිමිවනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ අනුව පළාත් පාලන ඡන්දයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඉඩ ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: