hit counter

2025 ජනවාරි මස 13 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 24, ප.ව. 4:52



තමන් ෆීල්ඩ් මාර්ෂල් තනතුර ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාමුල වැඳ වැටුණේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසුවා.

ඔහු පෙන්වා දෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින සියය මැතිවරණ ප්‍රකාශනයේ තමන්ට සහ ශිරානි බණ්ඩාරනායකට සාධාරණය ඉටු කරන බවට පොරොන්දු වී තිබූ බවයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත් කිරීමට ජනරැලි 100ක තමන් කතා කළ බව සඳහන් කළ සරත් ෆොන්සේකා මහතා, මෛත්‍රීපාල මහතා සිදු කළේ මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීම පමණක් බව ද කියා සිටියා.

“Talk with SF” වැඩසටහනේ දෙවෙනි රැස්වීමට වැලිඔය දී ඊයේ (23) එකතු වෙමින් හෙතෙම මේ බව කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: