hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 02, ප.ව. 1:45



රටට මේ විනාශය අත්වූ හැටි ගැන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා හෙළිදරව්වක් සිදු කළා.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ හඬට කන් නොදී අඩු තරමින් සිය වැඩිමහල් සහෝදරයාවූ මහින්ද රාජපක්ෂ හිටපු  ජනාධිපතිවරයාගේ උපදෙස්වත් ගණන් නොගෙන නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ කිහිප දෙනකුගේ අදහස් යෝජනා පමණක් ලොකු කරගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීම ඊට හේතු බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා උගතුන්ගේ බුද්ධිමතුන්ගේ හඬට මුල් මාස කීපයේදී ඇහුම්කන්දී හොඳින් කටයුතු කළද ඊට පසු  ඔහු ඒ කණ්ඩායම අතහැර දැමූ බව මන්ත්‍රීවරයා පැවසුවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්කිරීමට මහන්සි වූයේ තම කණ්ඩායම බවත් මහාචාර්යකම් ආචාර්යකම් වෛද්‍ය වෘත්තිය අතහැර පැමිණ කැපවී ඔහු ජනාධිපති ධූරයට පත්කර ගත්තේ උගතුන් බුද්ධිමතුන් කියන ආකාරයට වැඩ කරාවි යැයි යන විශ්වාසයෙන් බවත් ඔහු අවධාරණය කළා.

ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස්වලට ඇහුම්කන් නොදුන්නා සේම ඔහු ගණන් නොගත් බව පැවසූ මහාචාර්යවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා විද්වතුන් කියපු ආකාරයට වැඩ කළේ නම් මේ විනාශය අත් නොවන බවද හෙතෙම ප්‍රකාශ කළා.

දැන උගත් අය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරයන්නේ ඇයි දැයි තේරුම් ගැනීමට නාමල් රාජපක්ෂ පරිණත මදි බවත්  මහාචාර්යවරුන් වෛද්‍යවරුන් ආචාර්යවරුන් නීතිඥවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරයන්නේ ඇයි දැයි තේරුම් ගැනීමට ඔහුට තව වසර කීපයක් ගතවනු ඇති බවත් ජයසුමන මහතා සඳහන් කළා.

නාමල් රාජපක්ෂ මහතා පැමිණි තඹුත්තේගම රැස්වීමට සෙනඟ සීයක්වත් එකතු කර ගැනීමට බැරි වුණු හෙයින් හිතේ අමාරුවට එළියට පැමිණ තම කණ්ඩායම විවේචනය කර ඇති බව දැනගන්නට ලැබුණේ යැයි චන්න ජයසුමන මහතා  වැඩිදුරටත් පැවසුුුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: