hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 31, පෙ.ව. 6:56



අයවැයට පෙර කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය වීමේ අවදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා

එයට හේතුව දැනට පවතින්නේ තාවකාලික ආණ්ඩුවක් බවත් ස්ථිර ආණ්ඩුවක් නොමැති වීම නිසා අය වැය පරාජය වීමට ඉඩකඩ ඇති බවත් හෙතෙම සඳහන් කළා.

ඒ නිසා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එකඟතාවයකට පැමිණ වහාම කැබිනට් මණ්ඩලය පත්කළ යුතු බවද ඒ මහතා පෙන්වා දෙන්නේ.

මේ අතර 2023 වසර සඳහා වන නව අයවැය ලේඛනය ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන නොවැම්බර් මස 14 දින පස්වරු 1.30ට මැතිසබයට ඉදිරිපත් කෙරෙනු ඇති.

ඒ පිළිබඳ විවාදයට දෙසැම්බර් මාසයේ 08 වනදා දක්වා පවත්වා අයවැය සම්මත කර ගැනීම රජයේ සැලසුම බව වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: