hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 05, පෙ.ව. 10:46



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල සාමාජිකාවක් වන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය නිමල් ලන්සාගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානයට සහය පල කිරීමත් සමඟ පොහොට්ටුවේ වෘත්තීය සමිති නිජෝජිතයන් සහ එහි ප්‍රධානින් කලබලයට පත්ව රාජගිරිය පිහිටි එම පක්ෂ කාර්යාල ආරංචි මාර්ග හෙළි කළා.

එහි ආසන්නතම සිදුවීම වුයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු පළාත් සහා මන්ත්‍රීවරයෙකු වසන්තා හඳපාන්ගොඩ මහත්මියට දුරකතනයෙන් කතා කර ඇයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් දෙන බව පක්ෂ නායකත්වය දැනුම් දුන් බව පැවසීමයි.

ඒ අවස්ථාවේ ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙන බවද වාර්තාවේ.
මම කොහොමත් ජාතික ලැයිස්තුවේ හිටියනේ,අමුතුවෙන් දාන්න දෙයක් නෑ” යැයි හඳපාන්ගොඩ මහත්මිය පවසා තිබෙනවා.

“නෑ නෑ ඔය එන්නකෝ..කැටගොඩ මන්ත්‍රීතුමා අයින් වෙලා ඔයාට දෙනවා කිව්වා.යමු එන්නකෝ නෙලුම් මාවතට යන්න”යැයි හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා පවසා ඇති බවද වාර්තාවේ.

කෙසේ වෙතත් ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තාවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: