hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 06, ප.ව. 3:17



“සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද” නමින් නව බද්දක් පැනවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද(06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ආර්ථිකය කඩා වැටීමට වගකිවයුතු කිසිම කෙනෙකු හට කිසිදු බලපෑමක් නොමැතිව සාමාන්‍ය ජනතාව මත අසීමිතව පටවමින් සිටින බර කොපමණ කල් ඉවසා සිටිය යුතු දැයි එහිදී මන්ත්‍රීවරයා ප්‍රශ්න කළා.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙම බද්දට විරුද්ධ බව සටහන් කරගන්නා බවට මන්ත්‍රීවරයා කතානායක වරයාගෙන් ඉල්ලීමක්ද කළා.

මේ වන විටත් 15% දක්වා ඉහළ දමා තිබෙන වැට් බද්දත් යෝජිත නව බද්දත් එකතු වූ විට වැල් බද්දක් බවට පත් වීමෙන් ජනතාවට කිසිසේත් දරා ගත නොහැකි අසීමිත පීඩනයක් එල්ල කළ ද මහ බැංකුවේ සංචිත හින්දවූ අයට, මහා භාන්ඩාගාරයට ලැබෙමින් තිබූ ආදායම් කපා දැමූ අයට, පොහොර ආනයනයේදී විශාල වන්දියක් ගෙවීම ඇතුලුව ආර්ථිකය බිඳ දැමීමට වගකිය යුතු වූවන් සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියා මාර්ගයක් නොගැනීම පිළිබඳ අනුර කුමාර මන්ත්‍රීවරයා දැඩි විවේචනයක් එල්ල කළා.

වර්තමාන ආන්ඩුව අර්බුදයෙන් ගොඩ ඒම සඳහා නැවත නැවතත් සාමාන්‍ය ජනතාව මත බර පැටවීමේ උපාය මාර්ගයක් අනුගමනය කරමින් සිටින බවද එය දැඩි ලෙස හෙලා දකින බවද ඔහු අවධාරණය කළා.

එහිදී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ “අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ කතාව හරියට හරි”

එම වීඩියෝව පහතින්,

https://youtube.com/watch?v=YnAbPZTn7R0





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: