hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 15, පෙ.ව. 10:00



භීෂණ සමයේ තම පියා ඝාතනය කිරීමට පැමිණි ඝාතකයා අද අනුර කුමාර දිසානායක මහතාගේ වේදිකාවේ සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

ඇය මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය ජන හමුවක් අමතමින්.

එම කාලයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් මහජන පක්ෂයේ බොහෝ දෙනෙක් ඝාතනය කරන ලද බවද තම පියාද එකල මහජන පක්ෂයේ සිටි සිටි බවත් ඇය සදහන් කළා.

ඝාතකයන් පැමිණ වෙඩි තබන්නට උත්සාහ කරද්දි තම සීයා එම ඝාතකයන් සමග පොරබැද ඝාතකයන්ගේ තුවක්කුවෙන් වෙඩි තබා ඝාතකයා ඝාතනය කළ බව ද ඇය පැවසුවා.

එම ඝාතනය සඳහා පැමිණි ප්‍රධානියා අද අනුර කුමාර දිසානායක මහතාගේ වේදිකාවේ සිටින බවත් පැවසූ ඇය නුදුරේදීම එම නම් ගම් සමග තමන් සියල්ල හෙළිදරව් කරන බවද කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: