hit counter

2024 ජූලි මස 01 වන සඳුදා

2024 ජූනි 29, පෙ.ව. 11:39



සිර දඩුවම් නියමවු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් කතා කිරීමට සහ ඇයගේ සුව දුක් විමසීම සදහා බන්ධනාගාරයට යෑමට සජබ ප්‍රබලයන් මගහරිමින් සිටින බව එම පක්ෂයේ ආරංචි මාර්ග හෙලිකලා.

පක්ෂයේ කටයුතු සිදුකරගෙන යෑමේදී විවිධ මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකයින් සමග බොහෝ අවස්ථාවල හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මත ගැටුම් ඇතිකර ගැනීම මෙම තත්වයට හේතු වී ඇති බවද දැන ගන්නට ඇත.

තමන් වෙනුවෙන් සජබ පිරිස් පෙනී නොසිටීම ගැන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දැඩි කනස්සල්ලෙන් පසුවන බවද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: