hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 21, ප.ව. 1:11



තමන්ට මිනිසුන් මරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් වීමට අවශ්‍ය නැති බවත් තමාට රජයක් ලබා ගැනීමට අවශ්‍ය නැති බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ අද (21) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.

එවැනි සිතුවිල්ලක් තිබෙන පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් තමන් ඒ උදවිය සමඟ පාර්ලිමේන්තුවේ වාඩි වීමට සූදානම් නැති බවද කියා සිටියා.

තමා දේශපාලනය සිදු කරන්නේ ගමේ මිනිසුන් තමන්ව දේශපාලනයට තෝරා ගත් නිසා බවත් බෞද්ධ මිනිසුන් දේශපාලනයට තෝරා ගත් නිසා බවත් ද කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: