hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2024 මාර්තු 21, පෙ.ව. 10:12



රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අද දින පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන ලෙස ප්‍රධාන වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම්දි තිබෙනවා.

ඒ රඹුක්වැල්ල මහතා කැමතිනම් පමණයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබඳව අවසාන ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිත නිසා වේත්‍රධාරීවරයා මෙම දැනුම් දීම තිබෙන බවද වාර්තා වෙනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි මෙම දැනුම්දීම සිදුකර ඇති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: