hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 18, ප.ව. 12:04



වයඹ පලාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දකුණු පලාතට මාරු කිරීම නතර කරන ලෙස එම පලාතේ මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව උන් වහන්සේලා ඉදිරි දිනවල මෙම ඉල්ලීම ලිකිතව සහ වාචිකව සිදුකිරීමට නියමිත ඇති බවද ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙකු කියා සිටියා.

අබේවර්ධන මහතා එම පලාතේ කටයුතු ඉතා හොදින් සිදු කරගෙන යන බැවින් ඔහු එම පලාතේම තවදුරටත් සේවය කිරීමට ඉඩ දිය යුතු බවයි මහා සංඝරත්නයේ අදහස වී ඇත්තේ.

කෙසේ වෙතත් මේ පිලිබදව තවමත් අවසන් එකගතාවයකට පැමිණ නොමැති බවද වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: