hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 10:36



කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (19) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබෙනවා.

අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ තමන්ගේ වරප්‍රසාද කඩ වී ඇති බවයි.

පාස්කු ප්‍රහාරයේ දෙවැනි වාර්තාව පුස්තකාලයට ගොස් පරිශීලනය කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය සමයේ ආ උපදෙස දිගටම ක්‍රියාත්මක කිරීමට මේ කාලවකවානුවේදී ද කටයුතු කරන බව විපක්ෂ නායකවරයා සඳහන් කළා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදහස් දක්වමින් කියා සිටියේ “මේ වාර්තාව සෑහෙන කාලයක් තිස්සේ පුස්තකාලයේ තියෙනවා. පරිශීලනය කරන්න අවස්ථාවක් දීලා තියෙනවා. එතකොට මම කණගාටු වෙනවා. එතුමා දැන් තමයි ඒක බලන්න හදන්නේ මෙච්චර රටේ ප්‍රශ්නයක් තිබ්බ එකක්. දැන් තමයි බලන්න හදලා තියෙන්නේ. එතකොට තමයි දැනගෙන තියෙන්නේ.” යනුවෙනුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: