hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 09, ප.ව. 2:36



ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති ලෙස නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා පත්කර තිබෙනවා.

නීතිඥ මණ්‌ඩලයේ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයකු ලෙස ඔහු ශ්‍රී ලංකාවේ අපරාධ සහ සිවිල් නීති භාවිතය පිළිබඳ ප්‍රශංසනීය අත්දැකීම් ලබා ඇති අතර රජයේ ඉහළ තනතුරු රැසක් දරා ඇත.

මීට පෙර ඔහු සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපතිවරයා ලෙසද ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති උපදේශක ලෙසද කටයුතු කර තිබෙනවා.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති අතර ඔහු දැනට සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ නීති උපදේශක ලෙසත් සංචාරක උපදේශක කමිටුවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කිරීම විශේෂත්වයකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: