hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 අගෝස්‍තු 22, පෙ.ව. 11:08



දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම පිළිබඳව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කර තිබුණා.

ඒ සන්ඩේ ටයිම්ස් පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින්.

තමා දේශපාලනයෙන් විශ්‍රාම යන්නේ සුදුසු වේලාව පැමිණි පසු බවයි මහින්ද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර ඇත්තේ.

තමා දිගටම දේශපාලනයේ රැඳී සිටින බවද නායකත්වය දීමට තමා අවශ්‍යද යන්න තීරණය කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බාර යැයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

අවශ්‍ය නම් ඉවත් වීමට වුවත් සූදානම් බවද ඔහු ප්‍රකාශ කර තිබුණා.

නීතිඥවරයෙකු හෙයින් තමාට උසාවි කටයුතු වලද නියැලිය හැකි බව පෙන්වා දුන් ඒ මහතා රට හැර යද්දි තමා ගෙන් විමසා සිටියේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට රට හැර නොයන ලෙස දැනුම්දෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා එහිදී මෙසේද සඳහන් කර තිබෙනවා.

“යන්නද කියලා එයා මගෙන් ඇහුවා නම් මම කියනවා යන්න එපා කියලා. ගෝඨාභය දේශපාලනඥයෙක් නෙවෙයි. රටේ සියලු ව්‍යසනයන්ට වගකිවයුත්තේ ගෝඨාභය රාජපක්ෂ නොවෙයි. මා ඇතුළු පසුගිය රජයන් මේ සියල්ලටම පිළිතුරු දිය යුතුයි. අවාසනාවකට ඔහු ක්‍රියා කළේ තමා විශ්වාස කළ විශේෂඥයන්ගේ උපදෙස් මතයි. ඒ නිසා ඔහුට දොස් පවරන්න බැහැ. ඔහු ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරද්දී මනා පරිපාලන දක්‍ෂතාවක්‌ පෙන්නුම් කළා. ජනාධිපතිවරයා වශයෙන් ඔහුට දැඩි පීඩනයක් එල්ල වුණා. ඔහු පෙර දැඩි මතධාරියෙක්. පසුව ඔහු මෘදු භාවයට පත් වුණා. ඔහු කළ දේ නොකළ යුතුව තිබුණා. ගෝඨාභය කියන්නේ දේශපාලනඥයකු නොවෙයි. ඔහු ඉදිරියේ ඇති කාර්යය නිවැරදිව අවසන් කළ යුතුව තිබුණා “

ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමට සිටින හොඳම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා ඔහුට තමා සියලු සහය සහය ලබා දෙන බවද ප්‍රකාශ කළා.

මේ අවස්ථාවේදී රටේ ප්‍රශ්නය විසඳීමට සියලු දේශපාලන පක්ෂ එකතු විය යුතු බවත් සියලු දෙනා රට වෙනුවෙන් එක මතයක සිට කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: