hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 අප්‍රේල් 29, ප.ව. 5:48



රට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට වත්මන් රජය යටතේ උත්සාහ කරන බවත් එසේ නොවුණහොත් වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයකට යන බවත් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසූවේ මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

අයුක්තියට විරුද්ධව ජනතාව මේ අවස්ථාවේදි අවංකව නැගී සිටිය යුතු බවත් රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කළ හැකි ඕනෑම රජයකට ඉදිරියේදී තම සහාය ලබාදෙන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනතාව මේ අවස්ථාවේදී එකමුතුව සහයෝගයෙන් ඉදිරියට යා යුතුව තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: