hit counter

2025 මාර්තු මස 15 වන සෙනසුරාදා

2025 පෙබරවාරි 05, පෙ.ව. 10:45



කොළඹ 07, විජේරාමයේ පිහිටි නිවසෙන් ඉවත්වනන ලෙසට ආණ්ඩුව නිල වශයෙන් ලිඛිතව දැනුම් දීමක් කරහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නීතිඥ කණ්ඩායම සූදානමින් සිටින බව ‘ඒෂියන් මිරර්’ වෙත වාර්තාවේ.

හිටපු ජනපතිවරයෙකුට හිමි ව්‍යවස්ථාපිත වරප්‍රසාද හා හිමිකම් අහිමි කිරීම යටතේ මෙම නීතිමය ක්‍රියාමාර්ගවලට යෑමට එමඟින් පසුබිම සැකසෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ ප්‍රකාශකයෙක් පැවසීය.

හිටපු ජනාධිපතිවරයා විජේරාම නිවස යළි රජයට පවරා ගැනීම නිල වශයෙන් කරන ලෙසට දිගින් දිගටම අභියෝග කරන්නේ මෙම පදනමින් යැයි ඔහු කීය.

ආණ්ඩුවද දේශපාලන ප්‍රකාශ කිරීමෙන් ඔබ්බට ගොස් ලිඛිතව එම දැනුම්දීම නොකරන්නේද මෙම පසුබිම නිසා යැයි ඔහු කීය.

රජය නිල වශයෙන් දැනුම් දීමක් කළහොත් විජේරාම නිවස අත්හැරීමට සූදානම් බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පසුගිය 3 වැනි දා ද කොළඹදී යළි පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: