hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2023 ජූනි 21, ප.ව. 5:05



දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම පිළිබද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ස්තූතිවන්ත වන බව හිටපු ජනාධිපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

එම පනත් කෙටුම්පතේ යම් යම් අඩුපාඩු තිබෙන බවත් කාරක සභා අවස්ථාවේදී එම කරුණු ඉදිරිපත් කරන බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තිබෙන ආයතනයත් කශේරුකාවක් ඇතිව තීන්දු තීරණ ගෙන වැඩකටයුතු කරන නිලධාරීන් බොහෝමයක් නොමැති බවත් කියා සිටියා.

මෙම පනත ඉතා වැදගත් පනතක් බවත් ඊට සිය පක්ෂයේ සම්පූර්ණ සහය හිමි වෙන බවත් හෙතෙම ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත, අපරාධ වින්දිතයින් සහ සාක්ෂිකරුවන්හට සහායදීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: