hit counter

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 19, පෙ.ව. 9:13



නව කැබිනට් මණ්ඩලය පත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබුණු පසු කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

මුදල් ප්‍රශ්නය හේතුවෙන් අලුතින් ඇමැතිවරුන් පත් කිරීම මේ අවස්ථාවේදී සුදුසු නැති බව ආර්ථික විශේෂඥයන් රජයට කරුණු පෙන්වාදී තිබෙනවා.

අලුතින් ඇමැතිවරුන් 12දෙනකු පත් කිරීමට රජය මුලින් තීරණය කර තිබුණා.

ඇමැතිවරුන් ලෙස පත් කිරිම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 10දෙනකුගේ ලැයිස්තුවක්ද එම පක්ෂය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගියදා බාරදී තිබෙනවා.

එහෙත් එම ලැයිස්තුවෙන් පත් කෙරුණේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පමණයි.

අලුත් ඇමැති ලැයිස්තුවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාද පත් කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: