hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2022 ජූනි 30, පෙ.ව. 2:16



මෙතෙක් ස්වෙච්ඡාවෙන් ගිනි අවි ලබා නොගෙන සිටි නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගිනි අවි ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව නවක මන්ත්‍රීවරුන් 15කට ආසන්න පිරිසක් එම ගිනි අවි ලබා ගැනීමට අයැදුම්පත් අලුතින් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

පවතින වාතාවරණය සැලකිල්ලට ගෙන එම මන්ත්‍රීවරුන් අලුතින් පිස්තෝල ලබාගැනීමට මෙසේ කටයුතු කරමින් සිටින බව ආරංචි මාර්ග පැවසුවා.

එම මන්ත්‍රීවරුන්ට ගිනි අවි ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශයෙන් අයැදුම්පත් දැනටමත් ලබාදී තිබෙනවා.

එම අයැදුම්පත් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කිරීමෙන් පසු ඒ අමාත්‍යාංශයෙන් පිස්තෝල නිකුත් කෙරෙනු ඇති.

මෙසේ ගිනිඅවි අයදුම් කර ඇති මන්ත්‍රීවරුන් අතර පසුගිය කාලයේදී අරගලකරුවන්ගේ විශේෂ අවධානයට ලක්වූ මන්ත්‍රීවරයෙක් ද වන බවයි වාර්තා වන්නේ.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: