hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 11:11



ආන්දෝලනයට ලක්වු චින පොහොර නෞකාවේ නියැදි ගෙන්වා ගෙන රසායනාගාර පරික්ෂාවන්ට ලක් කිරීමට පෙර  තාක්ෂණික ඇගයිම් කමිටුව විසින් සැපයුම්කරුගෙන් පොහොර ගෙන්වීමට නිර්දේශ ලබා දී තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වන අප පුවතක් වාර්තා කළා.

එම පුවත් වාර්තා වූ සැණින් තමා අදාල නිලධාරීන් ගෙන්වා ඒ පිළිබඳ විමසූ බව අද(06) පාර්ලිමේන්තුවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඒ පිළිබඳ පිළිතුරක් ලබා දුන් අදාල නිලධාරීන් විගණකාධිපතිවරයාට යවා ඇති බවයි.

නමුත් එම පිළිතුර සඳහන් නොකර එම වාර්තාව ඒකපාර්ශවිකව විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් එළියට පැමිණි බවට ප්‍රකාශ වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එවැනි නිර්දේශයක් විගණකාධිපති වාර්තාව අනුව සිදු කර ඇත්නම් ඊට අදාල පුද්ගලයින්ට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව අමාත්‍යවරයා සඳහන් කළා.

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වූයේ ආන්දෝලනයට ලක්වු චින පොහොර නෞකාවේ නියැදි ගෙන්වා ගෙන රසායනාගාර පරික්ෂාවන්ට ලක් කිරීමට පෙර  තාක්ෂණික ඇගයිම් කමිටුව විසින් සැපයුම්කරුගෙන් පොහොර ගෙන්වීමට නිර්දේශ ලබා දී තිබූ බවයි.

2021 වර්ෂයේ අගෝස්තු මස 01 වැනිදා දින මේ සදහා අනුමැතිය ලබාදී තිබෙනවා.

ජාතිකශාක ආරක්ෂක පනතට හා  ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතියට අනුව ජීවානුහරණය කළ පොහොර සැපයීමට ඇති හැකියාව හා අපේක්ෂිත පොහොර පූර්ව සුදුසුකම් ලේඛන හා ලංසු ලේඛන සඳහන් ප්‍රමිතියෙන් යුක්ත වන්නේ ද යන්න  නියැදි ගෙන්වා ගෙන රසායනාගාර පරික්ෂණයන්ට ලක් කිරීමට පෙර තාක්ෂණික ඇගයිම් කමිටුව විසින් පොහොර ගෙන් වීමට නිර්දේශ කොට තිබූ බවයි එම වාර්තාවේ සඳහන් වුණේ.

එම පුවත පහතින්,

චීන පොහොර නැවේ තවත් මඟඩියක් එළියට





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: