hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 04, පෙ.ව. 8:26



ලඟදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනකුට වැඩි පිරිසක් පක්ෂ මාරු කරනු ඇතැයි වනවා.

මෙම  පිරිසක් විපක්ෂයෙන් ආණ්ඩුවට පැමිණීමට නියමිත අතර තවත් පිරිසක් ආණ්ඩුවෙන් විපක්ෂයට එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දැනට විපක්ෂයේ සිටින විවිධ සුළු පක්ෂ නියෝජනය කරන ඒ.එල්.එම්. අතාවුල්ලා, ජෝන් සෙනෙවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජීවන් තොණ්ඩමන්, එස්. රාමේෂ්වරන්, අසංක නවරත්න, චාමර සම්පත් දසනායක, ජයරත්න හේරත් යන මන්ත්‍රීවරුන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීම සඳහා රජයට සහාය පළ කරනු ඇතැයි ආරංචි මාර්ග පවසනවා.

එසේම සමගි ජන බලවේගයේ කුමාර වෙල්ගම, කබීර් හෂීම්, මයන්ත දිසානායක, ජේ.සී. අලවතුවල, අජිත් මාන්නප්පෙරුම සහ කිංස් නෙල්සන් යන මන්ත්‍රීවරුන් සර්ව පාක්ෂික රජයකට සහාය දීමට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවා.

දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, ඩිලාන් පෙරේරා, තිලක් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති, සරත් කුමාරසිරි සහ ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන් නව සභා වාරය ආරම්භ වීමත් සමඟ විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් පසුවන බව දැනගන්නට තිබෙනවා.

ඒ අතර ශ්‍රීලනිපය නිල වශයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක් නොවන්නේ නම් ශ්‍රීලනිපයේ මන්ත්‍රීන් තිදෙනකු හැර අන් සියලු දෙනාම සර්ව පාක්ෂික රජයකට සහාය පළ කරනු ඇතැයි ද වාර්තා වනවා.

මේ අතර ඉදිරි අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පොහොට්ටුව නියෝජනය කරන තවත් ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුට පමණ කැබිනට් අමාත්‍ය පදවි හිමිවනු ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටියා.

ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, එස්.බී. දිසානායක, සී.බී. රත්නායක ජොන්ස්ටන් ප්‍රනනාන්දු සහ රෝහිත අෙබ්ගුණවර්ධන යන හිටපු අමාත්‍යවරුන් අතරින් සිව්දෙනකුට අමාත්‍ය පදවි හිමිවනු ඇති.

මේ අතර එජාපය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා වන වජිර අබේවර්ධන මහතාට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය පදවිය හිමිවනු ඇතැයි ද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: